අපේ පියවි ඇසට නොපෙනෙන ලෝකයේ සත්ත්වයන්ගේ ක්‍රියාකාරකම් පමණක් නොව විශ්ව ශක්තිය හෙවත් සොබා දහම විසින් ද අරුම පුදුම දේ සිදු කරනු ලබයි. මිනිසා ගේ හා අනිකුත් සත්ත්වයන් ගේ සංසාරික ක්‍රියාකාරකම් හේතු කොට ගෙන සිදු වන්නකි මේ පෙර භවයන්හි මෙන් ම මේ භවයේ ද ක්‍රියාකාරකම් හෙවත් කර්ම නිසා සිදු වන විපාක දීමකි. මිනිස් ලොව මිනිසෙකු ලෙස බුද්ධෝත්පාද කාලයක උපදින්නේ වාසනා ගුණයත් හේතු කොට ගෙනය.
එසේ ඉපැදුණු මිනිසා ඒ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන සීමාව ඉක්මවා ඉඳුරන් පිනවීමට යෑම නිසා මෙලොවට පැමිණි කාර්යය අමතක වීමෙන් හෝ මේ කාම ලෝකයට අධිපති මාර දිව්‍ය පුත්‍රයා ගේ බලපෑමට ලක්වීමෙන් හෝ නුවණ නිසා හෝ අන්තවාදී ලෙස වැරැදි කොට දුකට පත් වෙති. සසර ගමන කෙටි කැර ගන්නවා වෙනුවට දිගු කැර ගනී. පස් පවින් එකක් හෝ කීපයක් වැළඳගෙන අපා දුකට පත් වෙයි.
මේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්තරා ගම්මානයක් සම්බන්ධ කතාවකි.




- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact